Friday, 23 March 2018

උපදංශය/සිපිලිස් (Syphilis)


උපදංශය/සිපිලිස් (Syphilis)

සිපිලිස් යනු වෙනත් සමාජ රෝග(STD) ලෙසම ලිංගාශ්‍රිතව පැතිර යන රෝග තත්ත්වයකි. නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීම දක්වා විවිධ රෝග තත්තව ඇති කල හැකි වීමය. ඒ අතර සමේ රෝග තත්ත්ව වල සිට අභයන්තර අවයව වල ඇතිවන විවිධ ප්‍රශ්න දක්වා විශාල ප්‍රශ්න රාශියකට මුහුන දීමට සිදු විය හැකිය. තවද මෙය දිනෙන් දින ලෝක ජනගහනය තුල වර්ධනය වෙමින් පවතින තත්ත්වයක් ලෙස දැක්විය හැකිය


සිපිලිස් ඇතිකරන රෝග කාරකය හා ව්යාප්තිය

සිපිලිස් ඇතිකරන රෝග කාරකය Treponema pallidum ලෙස හදුන්වනවා. තවද එය බැක්ටීරියක් ලෙස හදුන්වා දිය හැකියි.
මෙම රෝග කාරකය ප්‍රධාන වශයෙන්ම සමීප ලිංගික ඇසුර නිසා පැතිර යනවා. රෝගය නිසා ඇතිවන තුවාල වෙනත් පුද්ගලයෙකුගේ ලිංගික අවයව වල ගැටින විට රෝගය අනෙක් පුද්ගලයා දක්වා පැතිර යාම සිදු වෙනවා. එහිදී තුවාල ශරීරයේ ඔනෑම තැනක පැවතිය හැකි වුවත්, බහුලව දක්නට ලැබෙන්නේ පුරුෂ ලිංගය, යෝනි මාර්ගය, ගුද මාර්ගය වැනි ලිංගික ඉන්ද්‍රියයන්වලය. නමුත් , තොල් වැනි වෙනත් ස්ථාන වලද රෝග කාරක තුවාල පැවතිය හැකිය. යෝනි, ගුද, හෝ මුඛ වැනි ඕනැම සංසර්ග ක්‍රමයක් නිසා මෙය සිදුවිය හැකිය.
තවද මීට අමතරව ගර්භණී මවුවරුන්ගෙන් දරුවන්ට පැතිර යාමේ අවදානමක්ද පවතිනවා. එවැනි දරුවන් ගර්භනී අවධියේ සහ ඉන් පසුව විවිධ සංකූලතා වලට මුහුන දිය හැකිය.

සිපිලිස් වල රෝග ලක්ෂණ

මෙය ප්‍රධාන වශයෙන් අවස්ථා තුනක ලෙස හදුනා ගත හැකි වෙනවා. ඒ අතර ප්‍රාථමික, ද්වීතික හා තෘතීක අවස්ථා ඇතුලත් වෙනවා. අදාල අවස්ථාව අනුව රෝගයේ ස්වාභාවය හා තීව්ර බව වෙනස් විය හැකිය.
ප්‍රාථමික අවස්ථාවේ (Primary syphilis) ලිංගික අවයව ආශ්‍රිතව කුඩා බිබිලි වැනි තත්ත්වයක් ලෙස ආරම්භ වන මෙය පසුව වේදනා රහිත තුවාලයක් බවට පරිවර්තනය විය හැකිය. සාමාන්යයෙන් මේ සදහා අවදානම් ලිංගික ක්‍රියාවක සිට දින 10ත් මාව 3ත් අතර කාලයක් ගතවිය හැකිය. මෙම නිසා බොහෝ විට මෙම තත්වය මගහැරී යා හැකිය. ඔබට මෙම තත්වය ඉතා පහසුවෙන් සුව් කර ගත හැකි අතර හදුනා නොගත හොත් මග හැරි යා හැකිය. එවැනි අවස්තාවල නැවත ද්වීතික අවස්තාවේ (secondary syphilis) පවතින සිපිලිස් තත්වයක් ලෙස නැවත මතු වීම සිදු වෙනවා. ද්වීතික සිපිලිස් යනු ප්‍රාථමික අවස්ථාවට වඩා මදක් දරුණු තත්ත්වයකි. මෙය ප්‍රාථමික අවස්ථාව ඇතිවී සති කිහිපයකින් මතුවිය හැකිය. එම අවථාවේ උණ, උගුරේ වේදන්වා, ඇගපත් වේදනාව මෙන්ම විවිධ අභයන්තර අවයව වල සන්කූලතාද මතුවිය හැකිය. ඒ අතර අක්මාව, වකුගඩු වැනි අවයව ප්‍රධාන වෙනවා.
තෘතීක අවස්තාව (Tertiary syphilis) ඇති වන්නේ නිසි ප්‍රතිකාර ලබා නොගත් රෝගීන්ගේය. දීර්ඝ කාලයක් ශරීරයේ පවතින බැක්ටීරියාව සක්‍රීය වීමත් සමග ඉතා දරුණු තත්ත්ව ඇතිවිය හැකිය.

සිපිලිස් ගර්භණීත්වයට බලපැමක් ඇත්ද?

සිපිලිස් යනු ඔබේ ලදරුවාට අක්ෂි ආබාධ වැනි ඉතා දරුණු රෝග තත්ත්ව ඇතිකල හැකි රෝගයකි. ඊට අමතරව අඩු බර උපත්, නොමේරු ලදරුවන් වැනි තත්ත්ව ඇතිවිය හැකිය. එමනිසා එය වලක්වා ගැනීම සදහා සියලුම ගර්භනී මවුවරුන් පලමු සායනයේදීම මෙම තත්වය සදහා පරික්ෂා කිරීම සිදු කරනු ලැබේ.

සිපිලිස් සදහ ඔබටත් අවදානමක් තිබේද?

සිපිලිස් යනු ඕනෑම ලිංගියව ක්‍රියාකාරි පුද්ගලයෙකුට ඇතිවිය හැකි තත්ත්වයකි. නමුත් ඔබ ආරක්ෂාකාරී හා විශ්වාසවන්ත එක් සහකරුවෙකුට පමනක් සීමා වේනම් ඔබට සිපිලිස්
ඇතිවීමට ඇති ඉඩකඩ සීමිතය. නමුත් ඔබ පහත පිරිස් වලට අයත්නම් ඒ සදහා වැඩි අවදානමක් ඇත.
1.
සමලිංගිකයන්
2.
බහු පුරුෂ හාස්ත්‍රී ඇසුර සහිත පුද්ගලයන්
3.
හදුනාගත් සිපිලිස් රෝගියකුගේ සහකරුවන්
4. HIV
හෝ වෙනත් සාමජ රෝගයක් සහිත පුද්ගලයන්
5.
සිපිලිස් රෝගී මවකගේ දරුවන්.

සිපිලිස් සදහා ඇති ප්‍රතිකාර මොනවාද?

සිපිලිස් යනු සම්පූර්නයෙන්ම සුව වන රෝගයකි. එමනිසා මෙම රෝගය සදහා නිසි ප්‍රතිකාර ලබාගැනීම ඉතා වැදගත් වෙනවා. ඒ සදහා ඔබේ ලගම රෝහලේ ඇති ලිංගාශ්‍රිත රෝග සායනයට යොමු වන්න. එහිදී ඔබගේ රහස්යභාවය ඉතා හොදින් ආරක්ෂා කරනු ඇත. ඊට අමතරව ඔබේ සහකරුවා හෝ සහකාරියද ඉන් මුදවාගැනීම සදහා දැනුවත් කිරීමේ කාර්යය භාරයද ඔබට පවතී. තවද අනාරක්ෂිත ලිංගික ක්‍රියා වලින් වැලකීම හා කොන්ඩම වැනි ආරක්ෂක උපකරන පැලදීම වැදගත් විය හැකිය.



No comments:

Post a Comment