Friday, 23 March 2018

ලෙඩ රෝග වලින් තොර සෞඛ්‍යමත් ජීවිතයක්


දියවැඩියාව සමග සතුටින් දිවිගෙවීම
රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම සඳහා විවිධ දෑ කලහැක. ආහාර පාලනය, ව්‍යායා

මය හා රුධිර සීනි
මට්ටම නිරන්තරයෙන් නිරික්ෂණය කිරීම මේ අතර වේ. ඔබ දියවැඩියාව පාලනය කලහොත් එමඟින් දිගු කාලීනව ඇතිවන අතුරු ආබාධ වලට ගොදුරු වීම අඩුකර ගත හැක.
  • අසහනකාරී හැඟීම් වලින් මිදීම (Coping with Bad Feelings)

දියවැඩියාව පාලනය ඔබ සතු බව ඔබ අනන්ත වාරයක් අසා ඇති. එය කීමට පහසු වුවත් කිරීමට අපහසු බව අප කවුරුත් දනිමු. පැය 24ක් පුරා, සත්දිනක් පුරා මේ පිළිබඳව අවධානය යොමුකිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. මෙය ඕනෑම කෙනෙකුට ඉතා වෙහෙස ගෙන දෙන්නකි.
  •  ඔබ අසනීප වූ විට (When You're Sick)

ඔබ අසනීප වූ විට ඔබගේ රුධිර සීනි මට්ටම අධික ලෙස ඉහල යා හැක. මෙමගින් නිද්‍රා - මුර්ජාව (coma) වැනි බරපතල රෝගී තත්වයන්ට පත්විය හැක. සුළු අසනීපයක් භයානක රෝගීතත්වයක් බවට පත්වීම වැළැක්විය හැකි හොඳම ආකාරය නම්, අසනීපය සුළුකොට නොතකා නිසි ප්‍රතිකාර හා අවශ්‍යය පියවර නිසි වේලාවට ගැනීමයි. 
  • ඔබ  ගමන් බිමන් යාමේදී…… (When You Travel)

ඔබ චාරිකාවක් යාමට බලාපොරොත්තු වෙනවාද? එය වන්දනා ගමනක් හෝ විනෝද ගමනක් විය හැක. අන් අයට සේම ඔබටත් නිසි දේ කිරීමටත්, රිසිසේ හැසිරීමටත් සිත්සේ ඇවිදීමටත් පුලුවන. ඔබ කල යුත්තේ ඔබගේ දියවැඩියා තත්වය පාලනය කිරීම සඳහා සැලසුම් කරගැනීම පමණි.
  • දුම්බීම (Smoking )

දුම්පානයෙන් සම්පුර්ණයෙන් මිදීමට ඔබට ඉතා අපහසු වියහැක. නමුත් දුම්පානය නැවැත්වීමට උත්සාහ කිරීම වටී. දුම්කොල ශරීර සෞඛ්‍යයට අහිතකර ප්‍රථිඵල ගෙන දෙන්නකි. මෙය විශේෂයෙන් දියවැඩියාව ඇති අයට බලපායි. ඔබ කලක් දුම්පානය කර ඇතත් කම් නැත. ඔබ අද එයින් මිදුනේ නම් අද සිට ඔබේ සෞඛ්‍ය තත්වය හොඳ අතට හැරෙනු ඇත.
  • ආතතිය (Stress)

ඔබ කනස්සල්ලෙන් පසුවනවිට හෝ ආතතිය ඇති විට ඔබගේ ශරීරය එයට ප්‍රතිචාර දක්වයි. මෙහිදී ශරීරයේ ගබඩාවි ඇති ශක්තිය ග්ලූකෝස් හා මේද ලෙස මුදාහැර අවශ්‍ය සෛල වලට මේවා ලබාදේ. නමුත් අවාසනාවකට දියවැඩියාව ඇති අයගේ මෙම ක්‍රියාවලිය හරි හැටි සිදුනොවේ. මෙයට හේතුව වන්නේ ඉන්සියුලීන් මඟින් ශරීරයේ සෛල වලට අවශ්‍ය අමතර ශක්තිය නිපදවීමට අපොහොසත් වීමයි. එම නිසා ඔබ හැකි පමණ ආතතිය පාලනය කර ගැනීමට උත්සුක වියයුතුය.
  • ලිංගික ඇසුර හා ගර්භනීභාවය (Sex & Pregnancy)

ලිංගිකත්වය හා බැඳුනු සෞඛ්‍ය ප්‍රශ්න, අන් අයට මෙන්ම දියවැඩියාව ඇති ස්ත්‍රින්ට හා පුරුෂයන්ට පොදුය. නමුත් සමහර ප්‍රශ්න දියවැඩියාව නිසා වැඩිවේ.
  • අනෙකුත් තොරතුරු (OTHER INFORMATION)

රැකියාවයක යෙදී සිටියදී (AT WORK)
අතීතයේදී බොහෝවිට, දියවැඩියාවෙන් පෙළෙන්නවුන්ට රැකියා කිරීම අහිමි විය.  සමහර අවස්ථාවල දියවැඩියාව හේතුවෙන් වෙනස් සැලකිලිවලට භාජනයවීම සිදුවේ. දියවැඩියාව නිසාම රැකියාවේදී සාධාරණ සැලකීමක් නොලැබිය හැක.  නමුත් මෙම තත්වය දැන් තුරන් වෙමින් පවතී.
දියවැඩියාව ඇති අය නොහැකියාවකින් පෙළෙන්නේද? (ARE  PEOPLE WITH  DIABETES  DISABLED ? )
ඔබ නොහැකියාවකින් පෙළෙනබවට තීරණය කිරීමට, පහත සඳහන් කරුණු වලින් ඵකක් තිබිය යුතුබව පිළිගත් මතයයි.
  1. කායික හෝ මානසික දුබලතාවයන් තම පුද්ගලික ජීවිතයේ මුලික කටයුතු වලට බලපාන අයුරින් ඇත්නම් ඔබ නොහැකියාවෙන් පෙළේ.
  2. පෙර අවස්ථාවකදී, එක් දුබලතාවයක් ඇති වුවානම් ඔබ නොහැකියාවෙන් පෙළේ.
  3. අනෙක් අය ඔබට එවන් දුබලතාවයක් ඇති බවට සලකයි නම් ඔබ නොහැකියාවෙන් පෙළේ.
  4. පුද්ගලික ජීවිතයේ "මුලික කටයුතු" වශයෙන් ඇතුලත් වන්නේ, පෙනීම, ඇහීම, කථනය, ඇවිදීම, හුස්ම ගැනීම, අත් පය මෙහෙයවා කරන කටයුතු, ඉගෙනීම, තමාගේම වැඩ කටයුතු කිරීමයි.  ඔබේ දියවැඩියාව මෙලෙස ඔබව මහත්සේ නොහැකියාව ඇති කිරීමට හේතුවුනා නම්, ඵය ඉහතින් සඳහන් 1 හෝ 2 වැනි කාරනා අනුව, නොහැකියාවෙන් පෙලෙන බවට තීරණය වේ.
කිව යුතුද ? නොකිව යුතුද ? TO TELL OR NOT TO TELL     
විවෘත ස්වභාවයකින් ඔබ දියවැඩියාව ගැන කතා කරන්නේ නම් අනෙක් අයටද දියවැඩියාව සම්බන්ධයෙන් කරුණු උගත හැකිය.  අනෙක් අයට වඩා වැඩි වෙනසක් නැති බව තහවුරු කිරීමද මෙය උපකාරී වේ


No comments:

Post a Comment