ඔබේ ජීවිතය බේරාදෙන රුධිර පරීක්ෂාව
ලෙඩ රෝග
වැලඳුණු විට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වෛද්‍යවරයකු වෙත යොමු වූ විට රෝග ලක්ෂණ අනුව ‘ලෙඩේට’ මුල සොයා ගැනීම හා ඒ අනුව ප්‍රතිකාර
ලබාදීමට සම්පූර්ණ රුධිර
පරීක්ෂණ
වාර්තාවක් Full blood Count නැතිනම් (FBC)වාර්තාවක් ලබා ගනී.
සම්පූර්ණ රුධිර
පරීක්ෂණ වාර්තාව පිටරට බහුල වශයෙන් හා අප රටේ ද Complete
blood Count (CBC) යනුවෙන් ද හඳුන්වයි.
FBC හෝ CBC නම් දෙකෙන්ම
කියැවෙන්නේ සම්පූර්ණ රුධිර පරීක්ෂණ වාර්තාවක් කරවා ගත යුතු බවයි.
සම්පූර්ණ රුධිර
වාර්තාවකින් මූලිකවම බලාපොරොත්තු වෙන්නේ අපේ ශරීරයේ තිබෙන රතු රුධිරාණු (Red Blood Cells) සුදු රුධිරාණු (White Blood Cells) සහ රුධිර පට්ටිකා (Platelets) යන රුධිර වර්ග තුනේ මූලික සංඝටක මොනවාදැයි පරීක්ෂා කර බැලීමය.
අපේ ශරීරයේ මේ
ලේ වර්ග හැදෙන්නේ අස්ථිවලය. සාමාන්‍යයෙන් මෙය හඳුන්වන්නේ ‘බෝන් මැරේ’ නමිනි. රුධිර සෛලවල මවු සෛල තිබෙන්නේ
ශරීරයේ අස්ථි ඇතුළේය. මෙතැනින් නිපදවන රුධිරය අපේ ශරීරයේ සංසරණය වන රුධිරයට එකතු වෙයි.
සම්පූර්ණ රුධිර
පරීක්ෂණ වාර්තාවකදී රතු රුධිරාණු සහ සුදු රුධිරාණු කොටස් කිහිපයකින්ම වාර්තා ලබා ගැනේ. සුදු රුධිරාණු මඟින් WBC/DC එනම් වයිට් බ්ලඩ්
කවුන්ට් සහ
ඩිෆරන්සල් කවුන්ට් මූලික සෛල තත්ත්වය පරීක්ෂාවට ලක් කර බලනු ලැබේ.
සුදු
රුධිරාණුවල මූලික සෛල 5 ක් පවතියි. නියුට්‍රෝෆීල (Neutrophils) වසා සෛල
(Lymphocytes) යොසිනොෆීල (Eosinophils), මොනොසයිට
(Monocytes)
බේසොෆීල (Basophils)ආදී වශයෙනි.
රතු රුධිරාණු RBC – Red blood Cells පරීක්ෂාවේදී හිමොග්ලෝබීන(HB) විශේෂයෙන් PCV
අගය. මෙයින්
කෙනෙකු විජලනයට ලක්වුණාද යන්න බලාගත හැකිය.
මේ හැර MCV, MCH, MCHC, RDW-CV යන පරීක්ෂාවන් ද රතු රුධිරාණු
පරීක්ෂාවේදී
සිදු කෙරේ.
රුධිර පට්ටිකා (Platelet Count) පරීක්ෂාවත් සම්පූර්ණ රුධිර පරීක්ෂාවට ඇතුළත්ය.
රුධිප පට්ටිකා (Platelets)
150 – 400 ය 10
3 මෙය එක්ලක්ෂ
පනස් දහසේ සිට ලක්ෂ හතර දක්වා පිරිමි සහ ගැහැනු අයගේ රුධිරයේ අන්තර්ගත වෙයි.
සුදු
රුධිරාණුවල තිබෙන අනු මූලික සෛල පහකි. රටකට සතුරු ආක්‍රමණයක් පැමිණියහොත් ගුවනින් ගුවන් ප්‍රහාරද මුහුදින්
නාවුක ප්‍රහාර ද ගොඩබිමින් පාබල හමුදා ප්‍රහාර ද එල්ල කරනවා සේ අපේ ශරීරයට වන ඒ ඒ රෝගවලට එරෙහි බැක්ටීරියා වෛරස් ආදියට
එරෙහිව සුදු රුධිරාණුවල සෛල පහට අයත් අදාළ සෛලය
සටන් වදී. නියුටේරීෆීල සටන් කරන්නේ ශරීරය ආක්‍රමණය කරන බැක්ටීරියාවලට එරෙහිවය.
මේ දිනවල අපේ
රටට තර්ජනයක්ව පවතින ඩෙංගු තත්ත්වයට හේතු වන්නේ ශරීරයට ඇතුල් වන වෛරසයකි. එය ශරීරයට ඇතුල් වුවහොත්
කෙලින්ම සටන් කරන්නේ වසා සෛලයයි. පරපෝෂිත ආසාදනයක් ඇතුල් වුවහොත් යොසිනොෆීල සෛලය ඊට එරෙහිව සටන් කරයි.
සම්පූර්ණ රුධිර
පරීක්ෂාවේ සුදු රුධිරාණු පරීක්ෂාව මඟින් ඒ වායේ ප්‍රතිශතයන් ගණනය කිරීමෙන් අදාළ රුධිර පරීක්ෂණයට භාජනය
වූ තැනැත්තාගේ සෞඛ්‍ය තත්ත්වය දැන ගත හැකිය. ඔහුගේ හෝ ඇයගේ ශරීරයේ රුධිරයේ පැවතිය යුතු මට්ටමට වඩා වැඩි වී තිබේ නම් ඒ
බව දැනගත හැක.
ඩෙංගු
රෝගියකුගේ නම් වසා සෛල වැඩි වී තිබෙන බව පෙන්නුම් කරයි.
සාමාන්‍යයෙන්
බරවා රෝගියකුගේ නම් යොසිනොෆීල වැඩි වෙයි.
මෙවැනි වාර්තා
සපයා ගැනීම මඟින් වෛද්‍යවරයාට රෝගියාගේ රුධිර සෛලවල පවතින වෙනස්වීම් සැලකිල්ලට ගෙන යම් අදහසක් ලබා ගෙන
වෛද්‍ය ප්‍රතිකාර නියම කළ හැක.
සුදු රුධිරාණු
අගය 4000 සිට 10,000,
11,000 අතර නිරෝගී
පුද්ගලයකුගේ පවතින අතර වයස්
පරතරයන් අනුව
මේවායේ වෙනස්වීම් පවතී. කුඩා දරුවන්ගේ මේ මට්ටම වැඩිය. නොමේරූ දරුවන්ගේ ඊටත් වඩා වැඩි තත්ත්වයක
පවතී. බාහිර බැක්ටීරියාවක් ශරීරයට පැමිණියහොත් සුළු වශයෙන් වැඩිවීමක් සිදුවෙයි.
නමුත්
ලියුකේමීයා වැනි පිළිකා රෝග තත්ත්වයකදී (සමහර ලියුකේමියා වර්තාවල නැති වුවත්) සුදු රුධිරාණුවල අගය අසීමිත ලෙස වැඩි
වෙයි. එය සාමාන්‍යයෙන් 10,000, 11,000 ප්‍රමණය එකවර 1,00,000 හෝ ඊටත් වඩා
වැඩි ප්‍රමාණයකින් වුවද වැඩි වෙයි.
මෙහිදි සිදු
වන්නේ අපේ ශරීරයේ රුධිර වර්ග පහ පමණක් නොව රුධිරය නිපදවීමට හේතු වන ‘බෝන් මැරෝ’
පවා අස්ථි ඇතුළෙන්
එළියට පැමිණ ඒවායේ තිබෙන මවු සෛලවල තත්ත්වය පවා පෙන්නුම් කරන්නට පටන් ගනී.
හිමොග්ලෝබීන
තත්ත්ව අගයන් ඉතා වැදගත් රුධිර වාර්තාවකදී H
b අගය යකඩ වැනි දෙයෙහි අන්තර්ගතය කොපමණදැයි බැලීමටත්
හේතුවෙයි.
කාන්තාවන්ගේ
සාමාන්‍ය වශයෙන් මෙහි අගය 11 – 14 වෙයි. මේ අගය එසේ නොවන විට යම්කිසි ඌණතාවක් නැතිනම් ‘ඇනීමියා’ තත්ත්වයක් විය හැකිය.
ඩෙංගු වැනි රෝග
තත්ත්වයකදී එකවරම Hb අගය වැඩි වී ඇතැයි පෙන්නුම් කළත් එකවරම එහි අගය පහළ බසී. Hb අගය බැලීමත් රෝගී තත්ත්වයට වැදගත් වෙයි.
ඩෙංගු වැනි
රෝගී තත්ත්වයකදී අභ්‍යන්තර රුධිර වහනයක් පවා සිදු විය හැක. මී උණ රෝගී තත්ත්වයකදී ‘ලෙප්ටො ෆයිරෝසිස්’ තත්ත්වය නිසා බැක්ටීරියා වැනි දෙයක්
ශරීරයට ඇතුල්වී සෛලවලට බලපෑම් ඇති කර ශරීරය ඉතා
ඉක්මනින් විනාශ කරයි. ඒ විනාශය වළක්වා ගෙන වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට මෙවැනි සම්පූර්ණ රුධිර පරීක්ෂණ වාර්තා මගින් වෛද්‍යවරයාට
අවස්ථාව සලසා දෙයි.
රතු රුධිර
සෛලයක් දින 120 නැතිනම් මාස හතරක ආයු කාලයක් පවතී. එය
විනාශ වෙන්නේ ශරීරයේ ‘ප්ලීහාව‘ ට ගමන් ගැනීමෙන් පසුවය.
’PCV’නම් පරීක්ෂණය ද
වැදගත් සාධකයකි. මෙය සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ‘ෆැක්ස්සෙල් වෙලියුම්’ යනුවෙන් ද විද්‍යාත්මකව මෙය H.C.P ලෙස ද හැඳින්වෙයි.
ඩෙංගු රෝගීන්ට PCV
පරීක්ෂණය ඉතා
වැදගත්ය. මෙයින් අදාළ තැනැත්තාගේ රුධිරයේ අදාල සෛල ප්‍රමාණය තිබේද පිරී තිබේ දැයි අදහසක් ලබා දේ. රෝගියා විජලනයට ලක්වී
තිබෙනවාද යන්නත් නිරීක්ෂණය කළ හැක්කේ මේ
පරීක්ෂණයෙනි. PCV
අගය වැඩි වී
ඇත්නම් රෝගියා විජලනයට ලක්වී ඇති ප්‍රමාණය ද වැඩිය.
වයස අනුව මෙහි පරාසයක් තිබේ.
PCV අගය 45 ඉක්මවා තිබීම අගය වැඩි බවට කරන අනතුරු
හැඟවීමකි.
ඩෙංගු රෝගියකු
යැයි සැක කළ අයකුගේ මේ රුධිර වාර්තා නැවත නැවත වෛද්‍යවරයා ලබා ගන්නේ එයින් ඔහුගේ රෝගය තහවුරු කැර ගැනීමට
යම් අදහසක් ලබා ගැනීමටය.
රුධිර පට්ටිකා
අගය ගණනය කිරීමටත් සම්පූර්ණ රුධිර පරීක්ෂණ වාර්තාවකදී වැදගත්. මෙයින් කෙනකුගේ රුධිරය කැටි ගැසීම බලාගත හැක.
සිරුරේ තුවාලයක් සිදුවී රුධිරය වහනය
සිදුවන්නේ නම්
ඒ රුධිර ගැලීම නතර වන්නේ රුධිර පට්ටිකා මඟිනි. එහි කැල්සියම් ඇතුළු තවත් දේ අඩංගු වෙයි. ඩෙංගු රෝගයකදීත්
රුධිර පට්ටිකා ගැන අදහස ගන්නේ ඒ නිසාය.
මිලි ලීටර් 1,50,000 – 4,00,000 අතර ප්‍රමාණයක් රුධිර පට්ටිකාවලට අන්තර්ගත වෙයි.
රුධිර පට්ටිකා පිළිකා වැනි රෝග තත්ත්වයකදී වැඩි වෙයි. කෙසේ නමුත්
ශරීරයට රුධිර පට්ටිකා අඩුවන රෝගී තත්ත්වයකදී
අලුතින් රුධිර පට්ටිකා ලබාදීම පෙර මෙන් සිදු නොකරයි. එයට හේතුව ආගන්තුක රුධිර පට්ටිකා ශරීරය තුළින් පිළි අරගන්නේ දුර්වලවී තිබෙන
ශරීරයේ රුධිර පට්ටිකාවලට සමඟය. ඒ නිසා ශරීරය
තවත් දුර්වල තත්ත්වයට පත්වෙන නිසා ශරීරයෙන්ම රුධිර පට්ටිකාවල අගය වැඩිවීම සඳහා වෛද්‍යවරු ප්‍රතිකාර ලබා දෙති.
රුධිර පට්ටිකා
අඩුවීම මඟින් රුධිර වහනය වී රෝගියා ඉතා බරපතල තත්ත්වයකට පත්වන අතර ශරීරයේ රුධිර පට්ටිකා අසීමිත ලෙස
වැඩිවීමකට ලක්වෙයි. රුධිර වහනය වන අර්ශස් රෝගියකුගේ රුධිර වහනය වැඩි නිසා ශරීරය රුධිර පට්ටිකා ද අසීමිත ලෙස මුදා
හැරේ.
සම්පූර්ණ රුධිර
පරීක්ෂාවකට නිරාහාරව සිටින්න අවශ්‍ය නොවේ. මේ පරීක්ෂණයට මෙන්ම රුධිරයේ සීනි මට්ටම සමඟ සම්පූර්ණ
රුධිර පරීක්ෂාවක් කරන්නට වෛද්‍යවරයා නියම කළහොත් ඒ සඳහා පැය 10 – 12 අතර කාලයක් නිරාහාරව සිටීම අවශ්‍යය.
නමුත් මේ
පරීක්ෂණ දෙකේදීම රුධිර පරීක්ෂණයට භාජනය වන තැනැත්තා වතුර බීම අවශ්‍යය. වතුර පානය නොකළොත් පරීක්ෂණ වාර්තාවට PCV
අගය වෙනස් වී
රෝගියා විජලනය තත්ත්වයෙන්
පෙලෙන බව එහි
දැක්විය හැකිය. මෙතැනදී එම විජලන තත්ත්වය රෝගී තත්ත්වයක් නිසා ඇති වූ තත්ත්වයකට වඩා වතුර පානය නොකිරීම නිසා
කෘත්‍රිමව ඇති වූ තත්වයක් විය හැකිය. මෙය සැබෑ තත්ත්වයක් නොවුණත් රෝග විනිශ්චය කිරීමේදී ගැටලුකාරී තත්ත්වයකට මුහුණ
පාන්නට සිදුවෙයි.
ෆුල් බ්ලඩ්
කවුන්ට් (FBC) හෝ කම්ෆිලීට් බ්ල්ඩ් කවුන්ට් (cbc)යනුවෙන් හඳුන්වන සම්පූර්ණ රුධිර පරීක්ෂණ වාර්තාවක් ලබා
ගත යුතු බවට වෛද්‍යවරයකු නිර්දේශ කර සිටිනවා නම් එවැනි පරීක්ෂණ වාර්තාවකින් අදාළ තැනැත්තාගේ ලේවල පවතින තත්ත්වය ඔස්සේ
රෝග තත්ත්වය සඳහා යම් විනිශ්චයකට පැමිණීමට
වෛද්‍යවරයාට අදහසක් ලබා ගත හැකි වීම නිසා මෙවැනි වාර්තාවක ඇති වැදගත්කම මනාව තහවුරු කරයි.
ඔයාලා හැමෝම
වගේ කවදා හරි රුධිර පරීක්ෂණයක් කරලා ඇති නේ?
මේ පරීක්ෂණයෙන් පසු ලැබුණු වාර්තාව කියවා
තිබෙනවාද? උදාහරණයක් ලෙස පහත දක්වා තිබෙන්නේ එවැනි වාර්තාවක්.
ඕනෑම රසායනාගාර
වාර්ථාවක් ගත්තහම එහි පළමුව කර ඇති පරීක්ෂණයේ නම ද
(Test), ඉන්පසු එම
පරීක්ෂණයේ ප්‍රතිඵලයද (Result), එම ප්‍රතිඵලයට අදාළ ඒකකය (Units) හා එම රසායනාගාරයේ එම පරීක්ෂාව සඳහා දෙන සාමාන්‍ය
අගයයන්ගේ පරාසය (Normal Range) සඳහන් කෙරෙනවා.
මෙම සාමාන්‍යය අගයයන්ගේ පරාසය රටින් රටට වෙනස් වීමට පුළුවන. අපි දැන් රුධිර
පරීක්ෂණ වාර්තාවක ඇති විවිධ කරුණු
පිලිබඳ කතා
කරමු.
Hb: රුධිරයේ ඇති හිමොග්ලොබින් (Hemoglobin) ප්‍රමාණය මෙයින් දැක්වේ. පිරිමි අය තුල සාමාන්‍යයෙන් ඉහල
හිමොග්ලොබින් ප්‍රමාණයක් ඇති නිසා මෙය පුරුෂ හා
ස්ත්‍රී යන අගයයන් දෙකකින් සඳහන් කරනු
ලබයි. මෙහි අගය
ඩෙසිලීටරයකට ඇති ග්රෑම් ප්‍රමාණය (g/dL)
ලෙස ගණනය කෙරේ. සාමාන්‍ය වැඩිහිටි පුරුෂයකු සඳහා අගය 13 – 16 g/dL වන අතර වැඩිහිටි ස්ත්‍රියක අගය 12 – 15 g/dL වේ. මෙම පරාසයට වඩා අඩු ප්‍රමාණයක් හිමොග්ලොබින් ඇත්නම් එය රක්තහීනතාවය (Anemia) නිසා වීමට පුළුවන.
WBC: ලේ වල ඇති මුළු සුදු රුධිරාණු ප්‍රමාණය (White Blood Count) මෙයින් දැක්වේ. මෙය මයික්‍රෝලීටරයට
ඇති සෛල ප්‍රමාණය ලෙස දක්වනු ලබයි.
සාමාන්‍යය අගයය
4000 – 11000 වේ. බොහොමයක් බැක්ටීරීය ආසාදන වලදී
මෙය ඉහල අගයයක් ගනු ලබයි.
Platelets: ලේ වල මයික්‍රෝලීටරයට ඇති රුධිර පට්ටිකා අගයය මෙයින් දෙනු ලැබේ. එහි සාමාන්‍යය
අගයය මයික්‍රෝලීටරයට 150000 – 450000 පමණඅ වේ. ඩෙංගු
රෝගීන් ගේ රෝග තත්වය නිර්ණය කිරීම සඳහා නිතරම කරනු ලබන පරීක්ෂාව මෙයයි.
DLC: මෙයින් විශේෂක සුදු රුධිරාණු ප්‍රමාණය (Differential Leukocyte Count) යන්න අදහස්
කෙරේ. කලින් ලිපියක සඳහන් කල විවිධ සුදු රුධිරානු වර්ග වල අගයයන් මෙයින් මනිණු ලබයි. එම අගයයන් ආශ්‍රයෙන් වෛද්‍යවරුන් හට ඇතිවී ඇති රෝග තත්වය පිලිබඳ අනුමානයන් කිරීමටත්, දැනට තීරණය කර ඇති රෝග විනිශ්චය තහවුරු කර ගැනීමටත් ඉඩ ලැබේ. උදාහරණයක් ලෙස බැක්ටීරීය ආසාදනයකදී සාමාන්‍යයෙන් නියුට්‍රොෆිල ප්‍රමාණය
ඉහල යන අතර, වෛරස ආසාදනයකදී වසා සෛල ප්‍රමාණය ඉහල අගයයක් ගනී. මෙහි ප්‍රතිඵලය
එම සෛල වර්ගය මුළු සුදු රුධිරානු ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස සඳහන්
කෙරේ. පහත දැක්වෙන්නේ එහි සාමාන්‍යය
අගයයන් වේ.
Neutrophils: 40 – 70%
Bands: 0 – 5%
Lymphocytes: 20 -50%
Monocytes: 4- 8%
Eosinophils: 0 – 6%
Basophils: 0 – 2%
කලින් ලිපි
කියවූ අයට ප්‍රශ්නයක් වෙන්න ඇති
මෙහි බෑන්ඩ්ස්
(Bands/Band cells) ලෙස
හැඳින්වෙනුයේ මොනාද කියලා, මොකද එහෙම වර්ගයක් ගැන අප කතා නොකළ නිසා. බෑන්ඩ්ස් ලෙස හැඳින්වෙනුයේ නොමේරු සුදු රුධිරානුය. යම් මූලික ආසාදන (Acute Infection) අවස්ථා වලදී මෙය ඉහල අගයයක් ගනී. මන්ද යත් ආසාදනයක් ගැන දැනගත් විට ඇටමිදුළු සුදු රුධිරානු වැඩියෙන් නිෂ්පාදනය කිරීමත්, ඉක්මනින් ඇටමිදුළු තුලින් නිකුත් කිරීමත් කරන බැවිනි.
RBC Indices: රතු රුධිරාණු වල විවිධ ගුණාංග පිළිබඳ මෙහිදී අධ්‍යයනය කරනු ලබයි. මේ කරුණු රක්තහීනතා තත්ව වලදී, එම තත්වයට හේතුව සොයා ගැනීම සඳහා උපකාරී වේ.
RBC: රතු රුධිරාණු ප්‍රමාණය (Red Blood Count) මෙමගින් දැක්වේ. පුරුෂයින්ගේ මෙය මයික්රෝලීටරයට සෛල
මිලියන 4.5 – 6.5 ත් අතර වන අතර ස්ත්‍රීන්ගේ
මයික්රෝලීටරයට සෛල මිලියන 4.0 – 5.5 ත් අතර ප්‍රමාණයක් වේ.
Hct: රුධිරයේ සෛල ප්‍රතිශතය මෙමගින් මනිනු ලැබේ. සාමාන්‍යයෙන් පුරුෂයින්ගේ මෙය 39% – 47% ත් අතර වන අතර ස්ත්‍රීන්ගේ 35% – 45% ත් අතර ප්‍රමාණයක් වේ.
MCV: මෙමගින් රතු රුධිරාණුවක සාමාන්‍යය පරිමාව (Mean Corpuscular Volume) මනිනු ලැබේ. එහි අගයය ෆෙම්ටෝලීටර (fL) වලින් මනින අතර සාමාන්‍යය පරාසය 79 – 93 fL වේ. යකඩ අඩුවීම නිසා ඇතිවන රක්තහීනතාවයෙදී මෙම අගය අඩු වන අතර,
විටමින් බී හා
ෆොලේට් වැනි විටමින් ඌනතා වලදී මෙය
ඉහල අගයයක් ගනී.
MCH: එක රතු රුධිරානුවක ඇති හෙමොග්ලොබින් ප්‍රමාණයේ සාමාන්‍යය (Mean Corpuscular Hemoglobin) මෙමගින් මනිනු ලබයි. සෛලයකට පිකෝග්රෑම් (pg/cell) ලෙස මෙය පනිනු ලබන අතර සාමාන්‍ය පරාසය 27 – 32 pg/cell වේ. යකඩ ඌනතාවය නිසා ඇතිවන රක්තහීනතාවයෙදී මෙම අගය අඩු
වේ.
MCHC: එක රතු රුධිරානුවක් සඳහා හෙමොග්ලොබින් සාන්ද්‍රණය (Mean Corpuscular Hemoglobin Concentration) මෙම දර්ශකයෙන් දෙනු ලැබේ. එහි සාමාන්‍ය අගය
ඩෙසිලීටරයකට ග්රෑම් 32 – 36 අතර වේ.
Reticulocyte count : රුධිරයේ ඇති
නොමේරූ රතු රුධිරාණු (Reticulocytes) ප්‍රමාණය මුළු රතු රුධිරාණු ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස ගණනය කර මෙම අගය ලබා
ගනී. සාමාන්‍යයෙන් මෙය 0.8% – 2.5% ත් අතර ප්‍රමාණයක් ගන්නා අතර රතු රුධිරාණු යම ආකාරයකින් විනාශ වූ විටක හා රුධිර වාහනයක් ඇතිවූ විටෙක ඇටමිදුළු
වලින්නොමේරූ රතු රුධිරාණු වැඩි වැඩියෙන
නිකුත් කිරීම
නිසා මෙහි අගය ඉහල යා හැකිය.
ඉස්සර නම් මෙම
පරීක්ෂණ හැම එකක්ම වගේ අන්වීක්ෂ, කේන්ද්‍රාපසාරක (Centrifuges) වැනි මෙවලම් යොදාගෙන රසායනාගාර සේවකයන් විසින් විශාල
කාලයක් මිඩංගු කර ගණනය කලද අද කාලයේ මේ සඳහා
ස්වයංක්‍රීය සෛල ගණක (Automated Cell Counter) යන්ත්‍ර යොදා
ගෙන මිනිත්තු ගණනාවක් ඇතුලත ගණනය කරනු ලබයි. පහත දක්වා ඇත්තේ මෙවන් ස්වයංක්‍රීය සෛල ගණක (Automated
Cell Counter) යන්ත්‍රයක්
භාවිතා කරන රූපයකි.
සැලකිය යුතුයි! :
රුධිර වාර්තාවක්
කියවා තේරුම් ගැනීම ඉතා හොඳ කරුණක් වන අතර එමගින් තම රෝගී තත්වය පිළිබඳ
වැටහීම වැඩි කර ගැනීමට ඔබට හැකි වේ. නමුත් රෝග විනිශ්චය (Diagnosis) තනිකරම පරීක්ෂණ වාර්තා
මත රඳා පවතින්නක් නොවන බව ඔබ දැන ගත යුතුය. රෝග විනිශ්චය කිරීම සඳහා රෝගියාගේ රෝග ලක්ෂණ (History), වෛද්‍ය පරීක්ෂාව
(Physical Examination) හා
වෙනත් රෝගයට අදාළ කරුණු සියල්ල සලකා බැලිය යුතුය. එනිසා මම රසායනාගාර වාර්තා මත පදනම් කරගෙන තනිව
බෙහෙත් ගැනීමෙන් වලකින ලෙසද ඕනෑම රෝගී තත්වයකදී රජයේ ලියාපදිංචි ආයුර්වේද/බටහිර වෛද්‍යවරයකු
හමුවී බෙහෙත් ලබා ගන්නා ලෙසද ඔබගෙන් ඉල්ලා සිටිමි.